යුද හමුදාව නීරාවිය ගොවිපළේ අක්කර සියයක බඩඉරිඟු වගා කරයි

276

ශ්‍රී ලංකා යුද හමුදාව මහවැලි එච් කලාපයේ තඹුත්තේගම නීරාවිය ගොවිපළෙන් හිස් ඉඩම් කැබල්ලකින් අක්කර සියයක ඉඩමක් ලබාගෙන 27 වැනිදා බඩ ඉරිඟු වගා කිරීමට ආරම්භ කරන ලදී. වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ සංකල්පයක් අනුව යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය සහ එම බළකාය විසින් මෙම ක්‍රියාන්විතය දිවයින පුරා පිහිටි යුද හමුදා ගොවිපොළ 16 ක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

මෙමගින් ඉඩම් අක්කර 1063 ක ප්‍රමාණයක් වගා කිරීමට කටයුතු කර තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා ඇතුලු යුද හමුදාවේ දෙටු නිලධාරින් පිරිසක් සහභාගිවී මෙම කටයුක්ත සිදු කළ අයුර ඡායාරූපයේ දැක්වේ.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල
 

advertistmentadvertistment
advertistmentadvertistment