යුද හමුදා බුද්ධි ප්‍රධානියා ජිනීවා සමුළුවකින් ඉවත් කරන සූත්තරය වරදියි

248

යුද හමුදා බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් රුවන් කුලතුංග ජිනීවා නුවර ජගත් කාලානුරූප සමුළුවෙන් ඉවත්කරන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රී එලියට් කොල්බර්න් කළ ඉල්ලීම ජිනීවා මානව හිමිකම් බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

රුවන් කුලතුංග යුද අපරාධකරුවකු බවත් වව්නියාවේ ජෝශප් හමුදා කඳවුර භාරව සිටියේ ඔහු බවත් එලියට් කොල්බර්න් ප්‍රමුඛ කොටි ඩයස් පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර තිබුණි.

ජිනීවා නුවර දැන් පැවැත්වෙන යූ. පී. ආර්. හෙවත් ජගත් කාලානුරූප සමුළුව නියෝජනය කරමින් මේජර් ජනරාල්වරයා ජිනීවා වෙත පැමිණ තිබේ.

හිටපු බී බී සී වාර්තාකාරිනී ෆ්‍රැන්සස් හැරිසන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් රුවන් කුලතුංගගෙන් ප්‍රශ්න කරන ලෙස දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment