යුපුන්ගෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් යුපුන්ගේ නමට

217

මීටර් 200 ඉසව්වේ නව දකුණු ආසියානු වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය. ඒ ඉතාලියේ පැවැත්වෙන කැස්ටිලියෝන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 200 ඉසව්ව තත්පර 20.37කින් නිමාවට පත් කරමිනි.

 යුපුන් අබේකෝන් විසින් බිඳ දැමුවේ මීට පෙර ඉන්දියාවේ අම්ලන් බෝර්ගොහේන් විසින් තබන ලද ආසියානු වාර්තාවක් වන අතර ඔහු විසින් මීටර් 200 ඉසව්ව පසුගිය අප්‍රේල් මාසයේදී තත්පර 20.52කින් නිමාවට පත්කර තිබිණි.

 මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාව විනෝද් සුරංජය විසින් 2018 වසරේදී බිහිකර තිබූ අතර විනෝද් විසින් එහිදී මීටර් 200 ඉසව්ව තත්පර 20.68කින් නිමාවට පත්කර තිබිණි.

 මේ වනවිට දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙසට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් පත්වී සිටින අතර යුපුන් විසින් මීටර් 60 ඉසව්ව තත්පර 6.59කින්ද මීටර් 100 ඉසව්ව තත්පර 10.15කින්ද මීටර් 150 ඉසව්ව තත්පර 15.16කින්ද මීටර් 200 ඉසව්ව තත්පර 20.37කින් නිමාවට පත්කිරීමට සමත්වී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment