යුපුන්ට අවසන් පූර්ව වටය අහිමි වෙයි – 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල

195

ජපානයේ ටෝකියෝ අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි මීටර් 100 පළමු වටයට අයත් 03 වන මූලික තරගය සඳහා එක් වූ ශ‍්‍රී ලංකාවේ යුපුන් ප‍්‍රියදර්ශන අබේකෝන් හට 06 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

ශ‍්‍රී ලාංකේය අභිමානය ලොව ඉදිරියේ විදහා දක්වන්නට යුපුන් ප‍්‍රියදර්ශන අබේකෝන් ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩාංගන ධාවන පථයේ 05 වන මං තීරුවෙන් ගත් උත්සාහය ඒ අනූව අවසන් වූයේ තත්: 10.32 ක තරග නිමි කාලයක් සටහන් කරමිනි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරි තරගය ලෙස ක‍්‍රියාත්මක කෙරුණු මීටර් 100 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට යුපුන් ප‍්‍රියදර්ශන අබේකෝන් හට නොහැකි විය.

මෙම තරඟ ඉසව්වේ ප‍්‍රථම ස්ථානය ඉතාලි ජාතික ක‍්‍රීඩකයාට ද 02 වැනි ස්ථානය ජැමෙයිකානු ජාතික ක‍්‍රීඩකයාට ද 03 වන ස්ථානය දකුණු අප‍්‍රිකානු ජාතික ක‍්‍රීඩකයාට ද 04 වන ස්ථානය ජපන් ජාතික ක‍්‍රීඩකයාට ද 05 වන ස්ථානය චීන ජාතික ක‍්‍රීඩකයාට ද හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment