යුපුන් අද තරග බිමේ

158

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන් අද (31* ප:ව: 04:15 ට පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු වටය සඳහා ඉදිරිපත් වීමට ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි ඔලිම්පික් ක‍්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථයට පිවිසේ.
 
පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු වටය තරග 07 කින් සැදුම්ලත් වන අතර එහිදී තරග නිමි අඩුම කාලය සටහන් කරන ක‍්‍රීඩකයින් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ.
 
මෙහි පළමු වටයට තෝරා ගැනීම සඳහා ද මූලික වටය ලෙස තරග 03 ක් ක‍්‍රියාත්මක කෙරෙන අතර එහිදී දක්ෂතා ප‍්‍රදර්ශනය කරන ක‍්‍රීඩකයින් දසදෙනෙකු පළමු වටය සඳහා තෝරා ගැනීමට නියමිතය. මේ සඳහා ක‍්‍රීඩකයින් 27 දෙනෙකු තරඟ වැදීමට නියමිතය.
 
යුපුන් ප‍්‍රියදර්ශන අබේකෝන් මෙවර පළමු වටය සඳහා සුදුසුකම් ලබා සිටියි.
 
ජවන ඉසව්වන්හි කෙටි දුර ශූරයෙකු ලෙස මලල කෙළිබිමේ ඉදිරියෙන්ම සිටින යුපුන් ප‍්‍රියදර්ශන අබේකෝන් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉතාලියේ දී ලද පුහුණුව සහ ලබා ඇති ජාත්‍යන්තර අත්දැකීම් ප‍්‍රයෝජනයට ගනිමින් තම උපරිමය මෙම තරගයේ දී ප‍්‍රදර්ශනය කරනු ඇතැයි ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩා ලෝලීන් බොහෝ දෙනකුගේ අපේක්ෂාවයි.
 
මෙය අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මෙන්ම තම පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීම සඳහා බොහෝ සේ ඉවහල්වනු නොඅනුමානය.
 
 අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment