යුපුන් අබේකෝන් පස් වෙනි තැනට එයි

397

2022 ඔස්ලෝ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා ඊයේ (17 වෙනිදා) අලුයම සහභාගි වූ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පස් වෙනි ස්ථානය හිමි කර ගෙන ඇත

ලොව ප්‍රබලතම ක්‍රීඩකයින් රැසක් සමඟ කරට කර සටනක් ලබා දුන් යුපුන් තත්පර 10.16ක කාලයක් ගත කරමින් තරගය නිම කිරීමට සමත් විය

මෙම තරගයේ ආරම්භයට පෙර ඇද හැළුණු වර්ෂාව නිසාවෙන් ක්‍රීඩකයින්ට සුපුරුදු දස්කම්වලට පිවිසීමට නොහැකි වූ අතර එහි පළමු ස්ථානය තත්පර 10.05ක කාලයකින් ඉසව්ව අවසන් කළ සුපිරි ධාවන ශූර ඇන්ඩ් ඩි ගාස් හට හිමි විය.

මෙම තරගය සඳහා මීටර් 100 ඉසව්ව නියෝජනය කරන ලොව ප්‍රබලම ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සහභාගී වූවත්, ක්‍රීඩාංගණයේ පැවති අයහපත් කාලගුණය නිසාවෙන් කිසිවෙකුටත් තත්පර 10ට අඩුවෙන් තරගය අවසන් කිරීමට හැකියාවක් නොලබිැණි.

මෙම තරගයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට යුපුන්ට නොහැකි වූවත් ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් හිමි වන ප්‍රසාද ලකුණු මත යුපුන්ට ලෝක වර්ගීකරණයේ පළමු 40 දෙනා අතරට පැමිණීමට හැකි වන අතර ඒ සමඟ ඔහුට ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද ඉහළ යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment