යුපුන් අවසන් පූර්ව වටයට: ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

274

එංගලන්තයේ බර්මින්හැම් හිදී ක්‍රියාත්මක වන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. ඒ ඊයේ (02 දා) පැවැති මුලික ඉසව්ව තත්පර 10.06කින් නිමා කරමින් එම ඉසව්වේ පළමු ස්ථානයට පත් වෙමිනි.

මූලික තරග 10කින් සමන්විත වූ පිරිමි මීටර් 100 ඉසව්වේ එක් මූලික තරගයකින් ජය ගන්නා පළමු ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සහ ඉන් පසුව ඇති වේගවත්ම කාලයන් 7ට හිමිකම් කියන ක්‍රීඩකයන් හට අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථාව උදා වේ. ඒ අනුව යුපුන් ඇතුළුව මීටර් 100 අවසන් පූර්ව වරම් දිනූ ක්‍රීඩකයන් අද (03 දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.40ට අවසන් මහා තරග බලාපොරොත්තුව සමගින් නැවත තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

යුපුන් අවසන් පූර්ව වටයට: ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්ව සිටින යුපුන් අබේකෝන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය තත්ත්පර 9.96ක් වේ.

මේ අතර කාන්තා මීටර් 800 මුලික වටයට තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් වූවාය. ඒ එම ඉසව්ව මිනිත්තු 2.01.20කින් නිමාවට පත් කරමිනි. කෙසේ වෙතත් එම ඉසව්වේදී පස්වැනි තැනට පත්වූ

ගයන්තිකාට අවසන් තරගයට යෑමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවූවාය.

කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවට මීට පෙර ද හිමිකම් කීමට ගයන්තිකා අබේරත්න සමත්වී සිටි අතර එහිදී ඇය වාර්තා කර තිබූ කාලය මිනිත්තු 2.01.44කි.

advertistmentadvertistment
advertistmentadvertistment