යුපුන් ඔලිම්පික් දොරට යළි තට්ටු කරයි

388

ඉතාලියේදී 11 වැනිදා පැවැති ඩයමන්ඞ් ලීග් මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 100 තරගයේදී 04 වැනි ස්්ථානයට පත් වීමට යුපුන් අබේකෝන් සමත් විය.
 
 මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.16 කින් නිම කිරීමට යුපුන් සමත් වූ අතර පළමු ස්ථානය හිමි කර ගැනීමට දකුණු අපි‍්‍රකාවේ අකානි සිම්බයින් සමත් වූවේය. ඔහු තත්පර 10.08 කින් තරගය නිම කළ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන බි‍්‍රතාන්‍යයේ වින්ජු උජා සහ ලයිබිරියාවේ එමානුවෙල් මටාඩිට හිමි විය. ඔවුන් වාර්තා කළ තරග හිමි කාලයන් වූයේ තත්පර 10.10 සහ තත්පර 10.16 කි. තරග අවසානයේ සිදු වූ ඉතා සියුම් ප‍්‍රමාදයක් හේතුවෙන් යුපුන්ට ලෝකඩ පදක්කම අහිමි වුවත් යුපුන්ගේ මෙම දක්ෂතා ඔහුට ඔලිම්පික් වරම් ලැබීමට තවත් ප‍්‍රයෝජනවත් වනු ඇතැයි මලල කී‍්‍රඩා සංගමය සඳහන් කරයි. මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩකයන් 4 දෙනකු 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව මේ මස 29 වැනිදායින් පසුව අවසන් වේ. මැටිල්ඩා කාල්සන්, නිලූක කරුණාරත්න, මිලිකා ගිම්හානි සහ ටෙහාන් එගොඩවෙල ශී‍්‍ර ලංකාවෙන් ඔලිම්පික් සඳහා මේ වනවිට සුදුසුකම් ලබා ඇති කී‍්‍රඩකයෝ වෙති.
 
 යුපුන් අබේකෝන් මේ වසරේදී දකුණු ආසියාතික වාර්තාව බිඳ දැමීමට සමත්වූ අතර එහිදී ඔහු මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.15 කින් නිම කිරීමට සමත් වූවේය.මලල කී‍්‍රඩා ශිෂ්‍යත්වයක් මත ඉතාලියේ නේවාසික පුහුණුවීම්වල නිරතව සිටින යුපුන් මේ වනවිට 27 හැවිරිදි වියේ පසු වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment