යුපුන් මීටර් 150න් රන් පදක්කමක් දිනයි

477

ඉතාලියේ පැවති නිස්සොලිනො රෝමා ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් 2022 තරගාවලියේ පිරිමි මීටර් 150 තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ඊයේ (13 වෙනිදා) සමත් වූයේය.

යුපුන් එම ඉසව්ව තත්පර 15.37ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් වූයේය.

යුපුන් මීටර් 150 තරගයකට මේ වසරේ සහභාගි වූ දෙවැනි වතාව මෙය වූ අතර ඔහු පසුගිය මාසයේ පැවති තරගාවලියකදී තත්පර 15.16ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ආසියානු වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූයේය.

මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ ලබන වසර දක්වා කල් දැමූ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද යුපුන් ඇතුළත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment