යුපුන් සහ නිලානි අද තරග බිමේ

212

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (16 වැනිදා) පෙරවරු 7.20ට තරග බිමට පිවිසීමට නියමිතයි. මීටර් 100 මූලික වටයේ තරගවටයට එක්වන යුපුන් ඉන් සුදුසුකම් ලබාගෙන එහි අවසන් පූර්ව වටයට මුහුණ දීමට අපේක්ෂාවෙන් පසු වේ. එම තරගය හෙට (17 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6. 30ට ආරම්භ වීමට නියමිත ය. මීටර් 100 අවසන් තරගය හෙට (17 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.20ට පැවැත්වීමට නියමිතය. යුපුන් අබේකෝන් මෙම ඉසව්වේ මේ වසරේ ආසියාවේ ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව වාර්තා කරමින් ස්විට්සර්ලන්ත අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී තත්පර 9.96ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානයට පත් විය.

යුපුන් සහ නිලානි අද තරග බිමේ

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී නිලානි රත්නායක සහභාගී වන මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (16 වැනිදා) පස්වරු 11.05ට ආරම්භ වන අතර ගයන්තිකා අබේරත්න සහභාගි වන මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටය 21 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 5.40ට පැවැත්වේ

advertistmentadvertistment
advertistmentadvertistment