යුරෝපයට පනින අලුත් ක්‍රමයක්

789


ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් 04.17 දින සමත් වී තිබේ .
බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ඔවුන් ඉන්දියාව තුළ සිටිමින් ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු ද සිදු කරමින් සිටිති .
මෙම අවස්ථාව යොදා ගනිමින් ඉන්දියාව වෙත ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයන් එහිදී තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස් කර ගෙන ඒවා මගින් යුරෝපා රටවල් වෙත පළා යෑම මෙම නවතම ක්‍රමයයි .
ඒ අනුව එවැනි කූඨ ලෙස සකස් කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු 04.17 දින අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබුණි
ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි.
ඔහු 04/17 දින අලු‍යම 03.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්වීම සදහා ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.284 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමවා ල විගමන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයෙහි පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණ ඇත.
එහිදී එහි සේවය කළ නිලධාරීවරයාට ල මොහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි ඇති මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රය පිළිබඳව සැකයක් ඇති වී ඔහු කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.
එහිදී මෙම තරුණයා ඉදිරිපත් කළ සියලු‍ ලියකියවිලි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ වැඩිදුර විමර්ශන කටයුතු සදහා යොමු කර ඇත.
මෙම ඒකකයේ පරීක්ෂා කිරීම් වල දී මෙම මෝල්ටා වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමත් සමගම මෙම තරුණයා , තමන් ඉන්දියාවේ නවදිල්ලි නුවර තැරැව්කරුවෙකු මගින් මෙම වීසා බලපත්‍රය සකස් කර ගත් බව , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ.
එමෙන්ම මේ වනවිට මෙම තරුණයාගේ සොහොයුරිය ද මෙසේ කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා ලබා ගැනීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් ඇති බව ද අනාවරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment