යුරෝපයේ ජල ගැලීම්වලින් 183ක් මරුට – ජර්මනියට මාස දෙකක වර්ෂාව එක් දිනකදී ඇද හැලේ

150

ඉකුත් බදාදා (14දා)  සිට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් යුරෝපාවාසීන් 183 දෙනකු මිය ගොස් තවත් දස දහස් ගණනකට උන් හිටි තැන් අහිමිව ගොස් තිබේ. මෙම ජල ගැලීම්වලට හසු වූ තවත් ගණනය කළ නොහැකි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජල ගැලීම්වලින් මිය ගිය 183 දෙනාගෙන් 156 දෙනෙකුම ජර්මන් වැසියන් වන අතර මෙය ජර්මන් ඉතිහාසයේ වසර 60කට පසුව හටගත් දැවැන්තම ජල ගැලීම බව රජය විසින් ප‍්‍රකාශ කර තිබේ.
 
 ජර්මනියට ඉකුත් බදාදා දිනයේ මාස දෙකක වර්ෂාව දිනක් ඇතුළතදී ඇදහැලීම නිසා දැවැන්ත ජල ගැලීමක් හටගත් අතර රයින් ගංගාව උතුරා යෑමෙන් පහත්බිම් ප‍්‍රදේශ රැුසක් ජලයෙන් යට වී නිවාස, ව්‍යාපාරික ස්ථාන, කලාගාර ඇතුළු දේපළ රැුසක් විනාශ වී ගොස් තිබෙන බව වාර්තා වේ. මෙම ජල ගැලීම්වලින් විශාල පිරිසකට සිය නිවාස අහිමි වී ගොස් ඇති අතර ජල ගැලීම්වලට ලක් වූ ප‍්‍රදේශවල විදුලිය හා දුරකථන ජාලය බිඳ වැටීම හේතුවෙන් බාහිර ලෝකය සමග සම්බන්ධ වීමටද එම ප‍්‍රදේශවල වැසියන්ට නොහැකි වී තිබිණි. ජර්මනියේ හටගත් ජල ගැලීමට වැඩි වශයෙන් ලක් වූයේ ‘‘රයින්ලන්ඞ් පලටිනේට්’’ හා ‘‘නෝර්ත් – රයින් වෙස්ට්පලියා’’ යන ප‍්‍රාන්තයන්ය. මෙම ජල ගැලීම් යාබද බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය හා ඔස්ටි‍්‍රයාවේ ප‍්‍රදේශ කිහිපයකටද බලපා තිබේ. ජර්මනියේ ඇතැම් ගම් ජල ගැලීමත් සමගම හටගත් නායයෑම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබිණි. ඊයේ (18දා) දිනය වන විට ජල ගැලීම්වලට ලක් වූ ප‍්‍රදේශවල ජලය ක‍්‍රමයෙන් බැස යමින් පැවති අතර විපතට පත් වූවන් මුදා ගැනීම සඳහා ජර්මනිය ඇතුළු ජල ගැලීම්වලට ලක් වූ රටවල සහන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් දැවැන්ත පරිශ‍්‍රමයක යෙදී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment