යුරෝපයේ ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට අගමැති ඉතාලි යයි

392

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ලබන සති අන්තයේ ඉතාලිය බලා පිටත්ව යෑමට නියමිතය.

ඉතාලියේදී පැවැත්වෙන යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක ප‍්‍රධාන දේශනය පැවැත්වීමට අගමැතිවරයාට ආරාධනයක් ලැබී ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

යුරෝපයේ පැරණිම විශ්වවිද්‍යාලයක් වන විශ්ව කීර්තියට පත් ඉතාලියේ පොලොජ්ජා විශ්වවිද්‍යාලයේ ලබන සති අන්තයේදී පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයට යුරෝපයේ විවිධ රටවල රාජ්‍ය තාන්ත‍්‍රික නායකයන් සහභාගිවන බවත් ඇමැතිවරයා කීය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් බලවේගයන් ද්වේශ සහගතව ප‍්‍රචාරය කරන මත දුරුකර අප රටේ යථාර්ථය පිළිබඳව සත්‍යය යුරෝපයට ඉදිරිපත් කිරීමට මෙය ඉතා උචිත අවස්ථාවක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම සම්මන්ත‍්‍රණයට සහභාගිවන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා යුරෝපා පාර්ලිමේන්තු සභාපතිවරයා ඉතාලියේ අගමැතිවරයා හා එරට විදේශ ඇමැතිවරයා සමඟ සාකච්ඡුා කිරීමට නියමිත බවත් හෙතෙම පැවැසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment