යුරෝපයේ පළමු ශ්‍රී ලාංකික භික්‍ෂු සම්මේලනය ඔස්ට්‍රියාවේදී

102

යුරෝපයේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාගේ පළමු සඟ සමුළුව ඕස්ටි්‍රයාවේ වියානා අගනුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්විණි. යුරෝපා කලාපය නියෝජනය කරමින් ඉතාලිය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ඔස්ටි්‍රයාව, නෝර්වේ, සයිප්‍රසය, ස්විස්ටර්ලන්තය, ග්‍රීසිය, එංගලන්තය යන රටවල් මෙන්ම ආසියානු කලාපයේ ජපානය, මැලේසියාව, බංග්ලාදේශය යන රටවල වැඩසිටින ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා හැට නමකට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ. අභිනව භික්ෂු සංගමයේ සභාපතිවරයා ලෙස ඕස්ට්‍රියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය විජයරාජපුර සීලවංශ නාහිමිපාණන් වහන්සේ තේරීපත්වූ අතර මෙම සඟ සමුළුව ඔස්ටි්‍රයානු රජය හා ඕස්ටි්‍රයානු බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලදී. “විදේශ රටවල ධර්ම ප්‍රචාරය කිරීමේ දී ශ්‍රී ලාංකික භික්ෂුවගේ වගකීම හා කාර්යභාරය, ධර්මදූත සේවයේ යෙදෙන භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඥානය වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී”. මෙම සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඔස්ටි්‍රයාවේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ, ජර්මනයේ ශ්‍රී ලංකා තානාපතිනි වරුණි මුතුකුමාරණ සහභාගී වූහ. මෙම සංඝ සමුළුවට සමගාමීව යුරෝපය පුරා පිහිටි ශ්‍රී ලාංකික විහාරස්ථාන පිළිබඳ තොරතුරු ඇතුළත් slbhikkhuassociationeu.org නමින් නව වෙබ් පිටුවක් එළිදැක්වීම ද සිදුවිය. මෙහි මීළඟ සම්මේලනය එළැඹෙන 2024 වසරේදී ඉතාලියේදී පැවැත්වීමට සඟ සම්මේලනය තීරණය කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment