යුරෝපයේ හා මැදපෙරදිග දරුණු ලැව් ගිනි

272

ගෝලීය උණුසුමෙහි ප‍්‍රතිපලයක් ලෙස හටගෙන ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක හා මැදපෙරදිග රටවල් හා ඇමරිකා එක්සත් ජනපදයේ දරුණු ලැව් ගිනි හටගෙන තිබේ. මෙසේ ලැව් ගිනි ඇවිලෙමින් පවතින රටවල් අතර දකුණු ප‍්‍රංශයේ වාර් කලාපය, මධ්‍යම ස්පාඤ්ඤයේ ඇවිලා, මොන්ටේනේග්‍රෝ හි නික්සික්, පෘතුගාලයේ අල්ගාවේ, ග‍්‍රීසියේ මාර්කාටි, නැගෙනහිර රුසියාවේ යකුට්ස්ක්, මොරොක්කෝවේ චෙෆ්චවුවෙන්, ඊශ‍්‍රායලයේ යෙරුසෙලම හා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තය වේ.

 මෙම ලැව් ගිනි හේතුවෙන් අදාළ ප‍්‍රදේශවල විශාල භුමි ප‍්‍රදේශයක් විනාශ වී ගොස් ඇති අතර බොහෝ පිරිසකට සිය නිවෙස් අතහැරදමා ආරක්ෂිත ප‍්‍රදේශ වෙත යෑමට සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment