යුරෝපය පුරා න්‍යෂ්ටික විකිරණ පැතිරීමේ අනතුරක්

358

රුසියාව විසින් යුක්රේනයේ න්‍යෂ්ටික විදුලි බලාගාරයකට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමග යුරෝපය පුරා න්‍යෂ්ටික විකිරණ පැතිරීමේ අනතුරක් මතුව ඇත.

න්‍යෂ්ටික ඉන්ධන නිපදවන මෙම බලාගාරයේ විකිරණශීලීත්වය ඉහළ ගියහොත් ඉන් විකිරණ කාන්දුවීමක් සිදුවිය හැකි බවත් ඉන් යුරෝපයට බලපෑම් එල්ලවිය හැකි බවත් විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් ගී‍්‍රන්පීස් සංවිධානය පැවසුවේ 2011 ජපානයේ පුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් ඇතිවූ විපතට වඩා බරපතළ විපතක් යුක්රේන බලාගාර ප‍්‍රහාරයෙන් සිදුවිය හැකි බවය.

යුක්රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ද මේ වනවිට රුසියානු හමුදා පාලනය යටතට පත්ව ඇත.

යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර 11 ක් තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment