යුරෝපය මත් කරන්න ලංකාවෙන් රා යවයි

252

මෙරට නිපදවන කිතුල් රා සහ පොල් රා නවසීලන්තය, එංගලන්තය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයකට අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි.

කාලයක සිට පොල් රා අපනයනය කරන බවත් නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඩුබායි ඇමෙරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට කිතුල් රා අපනයනය කරන බවත් ඒ මහතා කීවේය.

රට තුළ මත්පැන් නිෂ්පාදනය අඩුවීම නිසා එතනෝල්වල අතිරික්තයක් පවතින බවත් එම අතිරික්තයද යළි අපනයනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment