යුරෝපා කොටි තහනම ඉවත් කිරීමේ අභියාචනය ප‍්‍රතික්‍ෂේප කරයි

335

කොටි සංවිධානය යුරෝපා තහනම ඉවත් කිරීම ස`දහා ඉදිරිපත්ව තිබූ අභියාචනය යුරෝපා සංගමයේ මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

2019 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ.ය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නැවත ලැයිස්තුගත කිරීම අවලංගු කරන ලෙස ඩෙන්මාර්කය පදනම් කරගත් එල්.ටී.ටී.ඊ.යේ යුරෝපීය දේශපාලන කණ්ඩායමක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස යුරෝපා සංගමය විසින් ප‍්‍රථම වරට ලැයිස්තුගත කරනු ලැබුවේ 2006 වසරේදීය.

කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වී ඇතත් ‘ජාත්‍යන්තර අරමුදල් රැුස්කිරීමේ සහ නැවත සංවිධානය විය හැකි’ බව යුරෝපීය කවුන්සිලය 2019 දී ප‍්‍රකාශ කර තිබුණි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment