යුරෝපා යෝජනාව ප‍්‍රතික්ෂේප කරනවා

837

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් හෝ වෙනත් සුළුතර කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක‍්‍රමානුකූලව භාවිත කර ඇති බවට යුරෝපීය පාර්ලිමේන්තුවේ සම්මත කරගත් යෝජනාවේ සඳහන් කර තිබීම ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
 
 ජුනි 10 වැනිදා යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා (14 දා* විදේශ අමාත්‍යාංශයේ පැවති රැුස්වීමකදී කොළඹ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ වැඩබලන තානාපති තෝර්ස්ටන්
 
 බාර්ග්ෆ්‍රෙඞ් මහතා සහ කොළඹ සිටින ප‍්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් පැමිණි යුරෝපා සංගමයේ තානාපතිවරුන් සහ වැඩබලන තානාපතිවරුන්ට ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කරමින් මේ බැව් පැවසීය.
 
 ආරම්භයේදීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යොදාගෙන ඇත්තේ තම ජනතාව මත සිදුකරන ලද දරුණු ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට විසඳුම් සෙවීම සඳහා බව සඳහන් කළ ඇමැතිවරයා මෙම සන්දර්භය තුළ 2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් යුරෝපා සංගම් ජාතිකයන් කිහිප දෙනකු ද ඇතුළු සැලකිය යුතු ජීවිත හානි සංඛ්‍යාවක් සිදු වූ බව සිහිපත් කළේය.
 
 ශ‍්‍රී ලංකා රජය ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සියලූ අංශ ආවරණය කරමින්, විදේශ අමාත්‍යාංශය හරහා යුරෝපා සංගමය (ෑඹ* සමඟ නිත්‍ය, විචිත‍්‍රවත් හා සුහද සංවාදයක් පවත්වාගෙන යන බව අවධාරණය කිරීම වැදගත් බවත් බ‍්‍රසල්ස්හි ශ‍්‍රී ලංකා ¥ත මණ්ඩලය මඟින් යුරෝපා කොමිසම, යුරෝපා කවුන්සිලය සහ යුරෝපීය පාර්ලිමේන්තුව සමඟ සහ රජයේ ජ්‍යෙෂ්ඨ මැදිහත්කරුවන් මගින් කොළඹ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම සහ යුරෝපා සංගම් තානාපතිවරුන් සමඟ සමීප හා සුහද සංවාදයක් රජය විසින් පවත්වාගෙන යන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුද මෙම රැස්වීමට සහභාගි වූහ.

 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment