යුරෝපා රටවල් 18ක නව කොරෝනා වසංගත රැලි මතු වේ

243

කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් හදිසියේ ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් ගණනාවක නැවතත් කොරෝනා වසංගත රැුලි මතුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සම්පූර්ණයෙන් කොරෝනා වසංගතය පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් කලින්ම අමානුෂීය අයුරින් ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් 18ක නැවත කොරෝනා වසංගත රැුලි මතු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හෑන්ස් ක්ලූග් පවසා තිබේ. එංගලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් 18ක මෙසේ කොරෝනා වසංගතය නැවත හිස ඔසවා ඇති අතර ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ උප ප‍්‍රභේදයක් වන ‘‘බී ඊ 2’’ මෙම රටවල ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින බව ඔහු සඳහන් කර තිබේ. මේ අතර මෙම නව උප කොරෝනා වෛරස් ප‍්‍රභේදය ඇමෙරිකා එක්සත් ජනපදයේද ශීඝ‍්‍රයෙන් පැතිර යන බව වාර්තා වී ඇති අතර එරටින් අලූතින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 35ක්ම මෙම උප ප‍්‍රභේදය ආසාදනය වූවන් බව හඳුනාගෙන තිබේ.

සංස්කරණය –
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment