යුරෝපා සංගමයටත් පහර දෙනවා… රුසියානු ජනපති තර්ජනය කරයි

2202

යුක්රේනයට බිහිසුණු බෝම්බ ප‍්‍රහාර

මරුමුවට පත් රුසියානු භටයකු මවට ලියූ ලිපියක් හමුවෙයි

රුසියානු මැග්නර් කුලී ඝාතක කණ්ඩායම මගින් යුක්රේන ජනපති ඇතුළු
දේශපාලන නායකයන් 23ක් ඝාතනය කිරීමේ සැලසුමක් හෙළි වෙයි

යුරෝපා සංගමයටත් පහර දෙනවා... රුසියානු ජනපති තර්ජනය කරයි
කුලී ඝාතක කණ්ඩායම
 

යුක්රේන ජනපති වොලඩමීර් වැලෙන්ස්කි ඇතුළු දේශපාලන නායකයන් 23ක් ඝාතනය කිරීම සඳහා මැග්නර් නමැති කුලී ඝාතක කණ්ඩායමක් යුක්රේනයට පැමිණ ඇත.

එම ඝාතන කණ්ඩායමේ අංක එක වැලෙන්ස්කි වේ. අංක දෙක ඔහුගේ පවුලේ අයයි. මේ හැර කැබිනට් මණ්ඩලය ද කිව් නගරාධිපති මිචාලි ක්ලිට්පෙකෝ සහ ඔහුගේ සොහොයුරු ද ඝාතන ලැයිස්තුවේ නම් කර ඇත.

මෙම මැග්නර් නමැති කුලී ඝාතන කණ්ඩායමට එරෙහිව යුරෝපා සංගමය සම්බාධක පනවා තිබේ. මෙකී කණ්ඩායමේ නායකයා රුසියානු විශේෂ බළකාය වූ ස්පෙට්නාස් හි හිටපු ලූතිනන් කර්නල්වරයකු වූ ඩිමිත‍්‍රි උට්කින් නමැත්තායි. මොවුන් ලිබියාව වැනි රටවල ද ඝාතන සිදුකර ඇත. මේ අතර පුරා පැය පහක් තිස්සේ පැවති රුසියානු – යුක්රේන් සාම සාකච්ඡුා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇත. දෙවැනි වටයේ සාම සාකච්ඡුා ඉදිරි දිනවල දී පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව යුක්රේනියානු නියෝජිතයෙක් පැවසුවේ සාම සාකච්ඡුා ගෙන යෑම දුෂ්කර බවයි. යුක්රේන නියෝජිත කණ්ඩායම විසින් සටන් විරාමයක් ඇති කරන ලෙසත් රුසියානු හමුදාව ඉවත් කර ගන්නා ලෙසත් කළ ඉල්ලිමට රුසියාව එකඟ වී නැත.

යුරෝපා සංගමයටත් පහර දෙනවා... රුසියානු ජනපති තර්ජනය කරයි

මේ පසුබිම මැද එක්සත් ජාතීන්ගේ යුක්රේන තානාපතිවරයා රුසියානු සොල්දාදුවකු තම මවට යැවූ ලිපියක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙලෙස ජිනීවා ප‍්‍රඥප්තියෙන් තහනම් වූ බිහිසුණු බෝම්බ සිවිල් ජනතාව සිටින නගරවලට දැමීම ගැන පරීක්ෂණ අරඹා ඇතැයි ජාත්‍යන්තර අධිකරණය කියා සිටී.

මේ වනවිට යුක්රේනයට කෲස් මිසයිල 113ක් ද අනිකුත් මිසයිල 56ක් ද එල්ල වී තිබේ. මේ අතර කිව් නගරයෙන් පැන යෑමට තැත් කළ යුක්රේන පාසල් සිසුවියකට රුසියානු හමුදාව වෙඩි තබා මරා දමා ඇත. ඇයත් සමග තවත් ළමුන් 45ක් ද රුසියානු ප‍්‍රහාරවලින් මරුමුවට පත් වී තිබේ. කිව් නියෝජ්‍ය නගරාධිපති ව්ලැඩමීර් බොණ්ඩරන්කෝ පැවසුවේ පොලිනා නමැති දැරිය රුසියානු සෙබළුන්ගේ වෙඩි පහරින් මියගිය බවයි. ඇය මරුමුවට පත්වූයේ සිය මවුපියන් සමග පැන යෑමට තැත් කළ අවස්ථාවේ බව තවදුරටත් තහවුරු වී ඇත. මෙම යුක්රේන රුසියානු ගැටුමත් සමගම ලෝක පාපන්දු සම්මේලනය 2022 ජගත් පාපන්දු තරගාවලියෙන් රුසියාව ඉවත් කර තිබේ.

මේ අතර දශලක්ෂයකට අධික යුක්රේනියානුවන් පෝලන්තයට පැන ගොස් තිබේ. මෙලෙස ගැටුම තවත් උග‍්‍ර තත්ත්වයකට පත් කරමින් බොලාරුසියානු සන්නද්ධ වාහන සහ යුද ටැංකි රැුසක් යුක්රේන දේශසීමාව අසලට පැමිණ තිබේ.

යුරෝපා සංගමයටත් පහර දෙනවා... රුසියානු ජනපති තර්ජනය කරයි

රුසියාව ආරම්භ කළ යුක්රේන ආක‍්‍රමණය නිසා රුසියානුවන්ට එරෙහි ජාත්‍යන්තර බළකායක් ස්ථාපිත කරන බව යුක්රේන ජනපති වැලෙන්ස්කි පවසා ඇත. මේ අතර රුසියාවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් ද ජනපති පුටින්ට එරෙහිව සංදේශයකට අත්සන් කර තිබේ. මෙම යුද්ධයෙන් යුක්රේන සිවිල් වැසියන් 352ක් මරුමුවට පත් වී ඇත.යුක්රේන ආක‍්‍රමණයේ දී මියගිය රුසියානු භටයකුගේ ළඟ තිබූ ලිපියක් යුක්රේන හමුදාව විසින් සොයාගෙන ඇත. එම ලිපිය එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී ප‍්‍රකාශයට පත්විය. එම ලිපියේ මෙලෙස දක්වා තිබිණි. අම්මා මට බියක් දැනෙනවා. යුක්රේන නගර සියල්ලට ම බෝම්බ දමනවා සිවිල් වැසියන්ව ද ඉලක්ක කරනවා. අවසාන වරට තම මව වෙත එම ලිපිය ලියූ සෙබළා ද මරුමුවට පත් වී ඇත. මේ අතර යුක්රේනය පැවසුවේ රුසියානු භටයන් 5300ක් ප‍්‍රහාරක යානා 29 ක්, හෙලිකොප්ටර් 29ක් යුද ටැංකි 151ක් විනාශ කර දැමූ බවයි. රුසියානු හමුදා භටයන් මියගිය බව රුසියානු බලධාරීන් පැවසුවත් එම සංඛ්‍යාව හෙළි කර නැත. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කර අදට දින 6කි. යුක්රේන ජනපති වැලෙන්ස්කි පැවසුවේ රුසියාව කාර්කියු නගරය වෙත ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 11ක් මරුමුවට පත්වූ බවයි.

යුරෝපා සංගමයටත් පහර දෙනවා... රුසියානු ජනපති තර්ජනය කරයි

රුසියාව අති බිහිසුණු වැකුම් බෝම්බ ප‍්‍රහාර එල්ල කරනවා යැයි යුක්රේන ජනපතිවරයා තවදුරටත් පැවසීය. මෙය යුද අපරාධයක් බවට ද ඔහු චෝදනා කළේය. යුද්ධයේ සියලූ මූලධර්මවලට පටහැනිව ජනපති පුටින් භයානක බෝම්බ භාවිත කරන නිසා යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර අධිකරණය කි‍්‍රයාත්මක විය යුතු බව ද වැලෙන්ස්කි පළ කළේය. මේ පසුබිම මැද යුක්රේනයට යුරෝපා සංගමය විසින් උපකාර කිරීම ගැන රුසියානු ජනපති පුටින් කෝපයට පත් වී ඇත.

යුරෝපා සංගමයට ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනවා යැයි පුටින් තවදුරටත් තර්ජනය කර ඇත. යුක්රේන බලධාරින් සඳහන් කළේ කාර්කිව් නගරයට බෝම්බ වරුසාවක් පතිත වී ඇති බවයි. මෙම බෝම්බවලින් පාසලක් ද වැනසී ඇත.

එම වාෂ්ප බෝම්බ භාවිත කිරීම ජිනීවා ප‍්‍රඥප්තිය යටතේ තහනම් වේ. මේ අතර ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ද රුසියානු යුක්රේන් ගැටුම පිළිබඳව මානව හිමිකම් සමුළුවේ දී සාකච්ඡුාවට ලක්කර ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත. මෙයට හේතුව වී ඇත්තේ රුසියාව ද මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයකු වීමයි.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment