යුරෝපා  සංගමයට  යථා තත්ත්වය පහදා දෙනවා – විදේශ ඇමැති අලි සබ්රි

667

ගාලුමුවදොර සිද්ධිය ගැන යුරෝපා සංගමය වැරදි මතයක හෝ අනවබෝධයක එළඹ ඇත්නම් යථා තත්ත්වය පහදා දීමට රජයක් ලෙස සැලකිලිමත්ව ක්‍රියා කරන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ‘දිවයින’ට පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ දූත මණ්ඩල සාමාජිකයන් හමුවේ ද උද්ගත වූ තත්ත්වය පහදා සිටි බවත්, සාමකාමී විරෝධතාවන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රජයක් වශයෙන් උපරිම නිදහස හා අයිතිය ලබා දෙන නමුත් රටේ පරිපාලන ඒකක සියතට ගෙන රාජ්‍ය කටයුතු අඩාළ කිරීමට ඉඩදිය නොහැකි බවත් ඇමැතිවරයා කියා සිටියේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment