යුරෝ පාපන්දු කුසලාන 2020 – අවසන් 16 වටය අද ඇරැඹේ

126

 යුරෝ පාපන්දු කුසලාන 2020 තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටය අද (26 වැනිදා) ආරම්භ වේ. පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමය යටතේ පැවැත්වෙන එම කොටසේ පළමු තරගය වේල්සය සහ ඩෙන්මාර්කය අතර පැවැත්වේ. දිනකට තරග දෙක බැගින් පැවැත්වෙන අතර අද පැවැත්වෙන අනෙක් තරගය ඉතාලිය සහ ඔස්ටි‍්‍රලියාව අතර තරගයයි.
 
 අවසන් 16 වටයේ තරගාවලිය මේ මස 29 වැනිදා දක්වා යුරෝපය පුරා කි‍්‍රයාත්මකවන අතර ඉන් තෝරා ගන්නා කණ්ඩායම් 08 තරගාවලියේ ඉදිරියට ගමන් කරනු ඇත. අවසන් 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් 12 වන්නේ නෙදර්ලන්තය, චෙක් ජනරජය, බෙල්ජියම, පෘතුගාලය, ක්‍රෝඒෂියාව, ස්පාඤ්ඤය, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, එංගලන්තය, ජර්මනිය, ස්වීඩනය සහ යුක්රේනය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment