යුරෝ 2020 පාපන්දු තරගාවලිය.. එංගලන්තය සහ යුක්රේනයත් අර්ධ අවසන් පූර්ව වටයට

214

යුරෝ 2020 පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය සහ යුක්රේනය ඊයේ  (30 දා* සුදුසුකම් ලැබීය.
 
 යුක්රේනය 2-1 ක් ලෙස ස්වීඩනය පරාජයට පත් කරමින් ද, එංගලන්තය 2-0 ක් ලෙස ජර්මනිය පරාජයට පත්කරමින් ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
 
 පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරගයකදී එංගලන්තය විසින් ජර්මනිය එසේ පරාජයට පත් කරන ලද්දේ වසර 55 කට පමණ පසුවය. එම එංගලන්ත ජයග‍්‍රහණය වාර්තා වූයේ තරගයේ 75 වැනි සහ 86 වැනි විනාඩිවලදී වූ අතර අවසානයේ ජර්මනියට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. යුක්රේනය සහ ස්වීඩනය අතර පැවැති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර දෙවැනි අතිරේක කාලයේදී ගෝල 2-1 ක් ලෙස තරගය ජය ගැනීමට යුක්රේනය සමත් විය.
 
 එම තරගයත් සමග යුරෝ 2020 පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ තරග වටය නිමා වූ අතර හෙට (02 දා* අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment