යුරෝ 2020 පාපන්දු තරගාවලිය… ස්පාඤ්ඤය සහ ඉතාලිය අවසන් පූර්ව තරගය අද

168

යුරෝ කුසලාන 2020 පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (7 දා* ස්පාඤ්ඤය සහ ඉතාලිය අතර පැවැත්වේ.

 දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස ඩෙන්මාර්කය සහ එංගලන්තය හෙට (8 දා* තරගවැදීමට නියමිතය.

 අර්ධ අවසන් පූර්ව තරග පසුගිය 4 වැනිදා නිමවූ අතර එම තරගවලදී ලද ජයග‍්‍රහණ මත ඩෙන්මාර්කය, එංගලන්තය, ස්පාඤ්ඤය සහ ඉතාලිය සුදුසුකම් ලැබූහ.

 ඩෙන්මාර්කය, චෙක් ජනරජය පරදවමින්ද, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය පරදවමින්ද, ඉතාලිය, බෙල්ජියම පරාද කරමින් සහ එංගලන්තය යුක්රේනය පරදවමින්ද අවසන් පූර්ව වටයට අවතීර්ණ වූහ.

 ඉතාලිය සහ ස්පාඤ්ඤය අතර තරග 9 ක් පසුගිය කාලයේ යුරෝ කුසලාන තරගාවලි අතරතුර පවත්වා තිබෙන අතර ඉන් තරග 4 ක් ඉතාලිය ජයගෙන ඇති අතර එක් තරගයක් ඉතාලිය පරාජය වී ඇත. තරග 4 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

 මෙම තරගය එක්සත් රාජධානියේ වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 ඉතාලිය යුරෝ කුසලාන 2020 පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරගවැදී එහි පෙරමුණ ගත් අතර ස්පාඤ්ඤය ‘ඊ’ කාණ්ඩය යටතේ තරග වදිමින් එම අදියරේ දෙවැනි තැනට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment