යුලිමාර් සහ වෝර්හෝම් ලෝක වාර්තා අතරට

246

නව ලෝක වාර්තාවක් සමගින් ඊයේ (03* ජපානයේ ටෝකියෝ අගනුවර දී පැවති 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි පිරිමි මීටර් 400 කඩුලූ මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට නොර්වේ නියෝජනය කළ වෝර්හෝම් කර්ස්ටන් සමත් විය.

 තත්: 46.70 ක් ලෙස තමන් නමින්ම පැවති ලෝක වාර්තාව බිඳ හෙළන්නට සමත් වූ 25 හැවිරිදි වෝර්හෝම් කර්ස්ටන් මෙවර රන් පදක්කම දිනා ගැනීම උදෙසා තත්:45.94 ක තරග නිමි කාලයක් සටහන් කළේය.

 ඒ අනුව 1992 දී ඇමරිකා එක්සත් ජනපදයේ කෙවින් යංග් විසින් පිහිටුවා තිබුණු තත්:46.78 ක ඔලිම්පික් වාර්තාව ද බිඳ වැටීම ද වැළැක්විය නොහැකි විය.

 2016 රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී අවසන් පූර්ව වටයෙන් නික්ම යන්නට කර්ස්ටන් හට සිදු වූ අතර එහිදී ඔහු ප‍්‍රදර්ශනය කළ දක්ෂතාවයට වඩා තත්පර තුනක පමණ කාලයක් අඩු කරගෙන තිබීම මෙවර කැපී පෙනුණි.

යුලිමාර් සහ වෝර්හෝම් ලෝක වාර්තා අතරට

මේ අතර කාන්තා තුන්පිම්ම ඉසව්වේ රන් පදක්කම් ලාභී වෙනිසියුලාවේ රොජාස් යුලිමාර් මීටර් 15.67 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් නව ලෝක වාර්තාවක් බිහිකිරීමට සමත් වූවාය.


 අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment