යුුගදනව් පැවරීම ඩීල් ගනුදෙනුවක් – පාඨලී චම්පික රණවක

140

කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමෙරිකානු නිව්පෝට‍්‍රස්ට් සමාගමට පැවරීමේ ගිවිසුම ඊයේත් (29දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳව විපක්‍ෂ මන්තී‍්‍රවරු කිහිපදෙනෙක්ම ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළේය.

අයවැය විදුලිබල, බලශක්ති මෙන්ම එම රාජ්‍ය අමාත්‍යාංශ සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් සිටියදී එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම අඩුපාඩුවක් බවද ඔවුහු සඳහන් කළහ.

මෙම ගිවිසුම මීට පෙර අවස්ථා දෙකකදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පොරොන්දු වුණා. විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා කොවිඞ් හේතුවෙන් පාර්ලිමේන්තුවට ඊයේ දිනයේදී ද පැමිණ තිබුණේ නැත.

යුගදනවි බලාගාරය පැවරීම තුළින් මෙරට බලශක්ති ක්‍ෂේත‍්‍රයට හොඳක් සිදුව නැතැයි ද එය ඞීල් ගනුදෙනුවක් බවද විපක්‍ෂ මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා චෝදනා කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment