යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය – කොළඹ දකුණ පෙරමුණට

88

ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජයත් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්විය. ගාල්ලට එරෙහිව පැවැති එම තරගයේදී කඩුලු 7 ක ජයක් ලද කොළඹ දකුණු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි.

මේ අතර වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී තියුණු තරගයකින් පසු දඹුල්ල පිල පරදවා කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 49 කදී ලකුණු 191 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 44.1 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

● මහනුවරට කඩුලු 2 ක ජයක්

දඹුල්ල පන්දුවාර 49 කදී ලකුණු 191 (පබසර දිසානායක 85, පමුල ලොකුලියන 16, කෙනුල පිහිලංග 20/3, සෙත්මික සෙනෙවිරත්න 36/3)

මහනුවර පන්දුවාර 44.1 කදී කඩුලු 8 ට ලකුණු 195 යි – (නිකේෂල නානායක්කාර 64, ශෙවාන් කනිෂස් 46, සෙත්මික සෙනෙවිරත්න 20, දමේෂ් මතිශාන් 31/3, විග්නේශ්වරන් ආකාශ් 52/3)

● කොළඹ දකුණට කඩුලු 7ක ජයක්

ගාල්ල පන්දුවාර 20.5 කදී ලකුණු 66 යි – (විරාන් චමුදිත 27, යසිඳු දිසානායක 09/3, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 14/3)

කොළඹ දකුණ පන්දුවාර 16 කදී කඩුලු 3 ට ලකුණු 70 යි – (තෙවිඳු වේවැල්ලාවල 18, හිරුක සිල්වා 16)

advertistmentadvertistment
advertistmentadvertistment