ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, 2023 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී (Great Managers Awards 2023) ලැබූ ජයග්‍රහණ පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමට ලැබීම සතුටට කරුණකි. බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් යොමුවූ මෙම සම්මාන උළෙල, පසුගියදා කොළඹදී පැවැත්විණි.

Colombo Leadership Academy විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනාගැනීම, සුවිශේෂී නායකත්ව භාවිතාවන් වර්ධනය කරන, සේවක දියුණුව හා සංවර්ධනය පුබුදුවාලන සහ කැපී පෙනෙන ප්‍රතිඵල ගෙන දෙන ආයතන අගැයීමේ ප්‍රමුඛ පෙළේ උත්සවයකි.

මෙම සම්මාන උළෙලේදී, සේවකයින්ගේ සාර්ථකත්වයට පහසුකම් සැලසීම, සේවකයින්ට ගැලපෙන සංවර්ධන වැඩසටහන්, ප්‍රමාණවත් සම්පත් සහ නොසැලෙන සහයෝගය ලබා දීම සඳහා ඇති, සිය නොසැලෙන කැපවීම තහවුරු කරමින් අඛණ්ඩව තුන් වන වසරටත් යූනියන් ඇෂුවරන්ස් සමාගම විශිෂ්ට කළමනාකරුවන්ගෙන් සමන්විත සමාගම’ට (Company with Great Managers) හිමි සම්මානය දිනා ගත්තේය. මෙම සමස්ත ප්‍රවේශය හරහා කළමනාකරුවන් ඔවුන්ගේ භූමිකාවන්හි විශිෂ්ටත්වයට පත්වනවා පමණක් නොව, සමාගමේ සමස්ත සාර්ථකත්වයට දායක වෙමින් ඔවුන්ගේ වෘත්තීය වර්ධනයෙහි ද දියුණුවක් ඇති කරයි.

මෙම සම්මාන උළෙලේදී අගැයීමට ලක්කෙරුණු සුවිශේෂී කළමනාකරුවන් වූයේ, කුබේන්දිරන් ධර්මලිංගම් (Zonal Manager – Agency), උදේහ ඉන්ද්‍රජිත් (Zonal Manager – Agency), නිලූෂන් ප්‍රනාන්දු (Senior Manager – Reinsurance) සහ තිෆ්‍යා සිවනන්දන් (Regional Manager – Agency) යන මහත්වරුන්ය. ඔවුහු ‘ප්‍රතිඵල මෙහෙයවීමේ සහ විශිෂ්ටත්වය අත්පත් කර ගැනීමේ විශිෂ්ට කළමනාකරුවන්’ (Great Manager for Driving Results and Execution Excellence) යන අංශය යටතේ ජයග්‍රාහකයෝ වූහ. රිස්නාඩ් හුසේන් (Head – Marketing Operations) සහ අසංගි වික්‍රමරත්න (Manager – People Operations) ‘ආයතනික දර්ශනයට අනුකූලව කටයුතු කළ විශිෂ්ට කළමනාකරුවන්’ (Great Manager for Aligning Organisational Vision) යන අංශයෙන් සම්මානයට පාත්‍ර වූහ. ජයග්‍රාහකයින්ගේ සුවිශේෂී නායකත්ව කුසලතා, උපාය මාර්ගික චින්තනය සහ කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා වූ කැපවීම මෙහිදී අගයනු ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment