යූනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙලේ වාර්තාගත සම්මානලාභීන් පිරිසක්

69

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ 2021 වාර්ෂික සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

‘Crowning Excellence’ යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙලේදී, 2021 වසර තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ විශාල පිරිසක් සම්මානයෙන් පිදුම් ලැබූහ. මෙම අවස්ථාවට ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්ද එක්වූහ.

මෙවර සම්මාන උළෙලේදී 670 කට අධික පිරිසක් ඇගයීමට ලක් වූ අතර, එය යූනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන ඉතිහාසයේ එක් සම්මාන උළෙලකදී වැඩිම පිරිසක් ඇගයීමට ලක් වූ අවස්ථාව බවට පත් විය. සමාගමේ දීපව්‍යාප්ත රක්ෂණ නියෝජිත ජාලයේ රක්ෂණ උපදේශකවරුන්, කණ්ඩායම් නායකයන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ කලාපීය කළමනාකරුවන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබූහ. කලාප හා ප්‍රාදේශික මට්ටමින් විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමට අමතරව, විශිෂ්ටයන් අතර විශිෂ්ටයා වූ (Ultimate Champion) කැලු‍ම් ජයසිංහ ‘Top of the Table Club’ සුදුසුකම්ලාභී චානක අප්පුහාමි වෙත මර්සිඩීස් බෙන්ස් රථ පිරිනැමීම මෙම සම්මාන උළෙලේ විශේෂත්වයක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment