ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ආයතනික වාර්තාකරණ ශ්‍රේණිගත කිරීම් වාර්තාවේ (TRAC) විනිවිදභාවයෙන් යුතු අංක 01 ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් සමාගම නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සීමාසහිත පොදු සමාගම් 125ක් අතර ආයතනික අනාවරණ පරිචයන් අගැයීමට ලක් කෙරෙන මෙම තක්සේරුව ප්‍රධාන කොටස් හයක් මත ආවරණය කෙරේ. දූෂණ විරෝධී වැඩසටහන්, ආයතනික විනිවිදභාවය, දේශීය මූල්‍ය වාර්තා කිරීම, රටින් රට වාර්තා කිරීම, ස්ත්‍රී පුරුෂ භාවය හා වෙනස් කොට සැලකීමකින් තොරව වාර්තා කිරීම සහ රජයේ කොන්ත්‍රාත්තු සහ ටෙන්ඩර්වලට අදාළ ප්‍රසම්පාදන පිළිබඳ වාර්තා කිරීම යනු එම කොටස් හය වේ. ආයතනික වාර්තාකරණ ශ්‍රේණිගත කිරීම් වාර්තාවේ ලකුණු 10න් 8.75ක ආකර්ෂණීය ලකුණු සංඛ්‍යාවක් හිමි කර ගනිමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගම ජීවිත රක්‍ෂණ අංශයේ ප්‍රමුඛයා බවට පත්වූයේ, ක්ෂේත්‍රය තුළ සුවිශේෂී විනිවිදභාවයක් පෙන්නුම් කරමිනි.‍ මෙම ලකුණු සංඛ්‍යාව ආයතනික වාර්තාකරණ ශ්‍රේණිගත කිරීම් වාර්තාවේ ලකුණු 10න් 5.85වන සමස්ත සාමාන්‍යය ඉක්මවා යාමකි.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩිංස්හි අනුබද්ධිත ආයතනයක් ලෙස යූනියන් ඇෂුවරන්ස් සමාගම දැඩි පාලන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන ආයතනයකි. යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් විස්තීරණ පාලන ව්‍යුහයක් සහ වංචා-විරෝධී, තොරතුරු හෙළිකරන්නන්, දූෂණ-විරෝධී ප්‍රතිපත්ති ඇතුළු බහුවිධ මුලපිරීම් ක්‍රියාවට නංවා තිබේ. යූනියන් ඇෂුවරන්ස් සමාගම, වැරදි නොඉවසන ප්‍රවේශයක් අවධාරණය කරමින්, පාර්ශ්වකරුවන්ට මග පෙන්වන සහ ඔවුන් ආරක්ෂා කරන ශක්තිමත් ආචාර ධර්ම පද්ධතියක් ද බලාත්මක කරයි. ඊට අමතරව, ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ජාතිකත්වය, සමාජ සම්භවය, ආබාධිතභාවය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන අනුබද්ධතාව සහ මතය ආදී කරුණු මත පදනම්ව වෙනස් කොට සැලකීමකින් තොර සේවා පරිසරයක් පවත්වා ගනිමින් සමාන අවස්ථා සපයන්නෙකු ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගම ආඩම්බර වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment