යූනියන් ඇෂුවරන්ස් සමාගම ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ඉහළතම තලයේ සම්මාන කිහිපයකින් පිදුම් ලබයි

81
ඡායාරූපය (වමේ සිට) - හර්ෂණ ප්‍රනාන්දු (කලාපීය කළමනාකරු - බැංකු රක්ෂණ සේවා) නිමේෂ ජයසේකර (ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා කළමනාකරු) ෂන්මුගම් මේනකා (සම්බන්ධතා විධායක) සහ දමිත වික්‍රමතුංග (සහකාර උප සභාපති - බැංකු රක්ෂණ සේවා) යන මහත්ම මහත්මීන්.

ශ්‍රී ලංකාවේ වඩාත්ම පුරෝගාමී ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් පසුගියදා ‘Monarch Imperial’ හිදී පැවති 2022 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයක් තුළින් මෙහි සම්මානලාභීන් තෝරාගන්නා ලද අතර එහිදී බැංකු රක්ෂණ සේවා අංශය යටතේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි. මෙහිදී ජාතික විකුණුම් කළමනාකරු කාණ්ඩයේ ජයග්‍රහණය යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සහකාර උප සභාපති (බැංකු රක්ෂණ සේවා) දමිත් වික්‍රමතුංග වෙත හිමි වූ අතර බල ප්‍රදේශ කළමනාකරු (ජීවිත රක්ෂණ) කාණ්ඩයේ රිදී සම්මානය කලාපීය කළමනාකරු (බැංකු රක්ෂණ සේවා) හර්ෂණ ප්‍රනාන්දු වෙත හිමි විය. විකුණුම් අධීක්ෂක – ජීවිත රක්ෂණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය නිමේෂ ජයසේකර වෙත හිමි වූ අතර ඉදිරිපෙළ සාමාජික/සාමාජිකා – ජීවිත රක්ෂණ කාණ්ඩයේ ජයග්‍රහණය ෂන්මුගම් මේනකා විසින් හිමිකරගන්නා ලදී.

ජයග්‍රාහකයන් පෙන්නුම් කළ කැපවීම හා වෘත්තීය ගුණාංග පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සේවා ප්‍රධානී විශාන්ත් විජේසිංහ මහතා කියා සිටියේ සේවා විශිෂ්ටත්වය ඔවුන්ගේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම සාධකය බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment