යූනියන් ඇෂුවරන්ස් සමාගම බැංකු රක්ෂණ සේවා හවුල්කරුවන් සමග එක්වී සාර්ථකත්වය සමරයි

40

ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සම්පාදකයා වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, තම බැංකු රක්ෂණ හවුල්කාරීත්වයන්හි සාර්ථකත්වය සැමරීම සඳහා සංවිධානය කළ විශේෂ උත්සවයක් (Union Assurance Partner Appreciation Night) පසුගියදා කොළඹ්දී පැවැත්විණි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්සී.හි සමූහාධිපතිතුමන්, එහි සමූහ විධායක කමිටුව සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුමන් විසින් සත්කාරකත්වය දරන ලද මෙම උත්සවයට හවුල්කාර බැංකු වල ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විධායක කමිටුවේ සමාජිකයන් ඇතුළු පිරිසක් එක්වූහ.

2022 වසර තුළ වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) රු. බිලියනයේ සීමාව පසුකර යාමටත්, තම සේවාවන් හවුල්කාර බැංකුවල ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත හඳුන්වා දීමටත් යූනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි. හවුල්කරුවන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් අනුව විශේෂයෙන් සකස් කළ විසඳුම් පිරිනැමීම, නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම සහ විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් පිරිනැමීම යනාදී සාධක නිසා මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වී තිබේ. මේ සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් හවුල්කාර බැංකු වල නියෝජිතයන්ට සිය ස්තූතිය පළකරන ලදි.

උත්සවයේ පිළිගැනීමේ කථාව පැවැත්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය, සමාගම සමග සමීපව කටයුතු කරමින් බැංකු රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ අංක එක බවට පත්වීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් හවුල්කාර බැංකු වලට තම කෘතඥතාව පළකළා ය. “2022 වසරේ සාර්ථකත්වය සැමරීමට අපගේ හවුල්කරුවන් සියලු‍ම දෙනා මෙලෙස එක් වී සිටීම අපට මහත් සතුටක්. මෙම සාර්ථකත්වය ඉදිරි වසර වලදීත් පවතිනු ඇති බව අපට විශ්වාසයි. සාමූහිකව කටයුතු කරමින්, ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන්ට සහ අරමුණු වලට හොඳින්ම ගැළපෙන විසඳුම් පිරිනැමීමට අපට හැකි වී තිබෙනවා.” වින්ධ්‍යා කුරේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment