යූරියා පොහොර මිටිය රු.7000 කින් පහළට

113

යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින් පමණ අඩු කිරීමට දිවයිනේ ප්‍රමුඛ පොහොර සමාගම් එකඟතාවය පළ කර තිබේ.

ඊයේ (23 දා) පෙරවරුවේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සමග මෙරටට පොහොර ආනයනය කරන සමාගම් කිහිපයක නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව දැනට රුපියල් 18,500කට පමණ අලෙවි කරන යූරියා පොහොර මිටියක් රු. 11,500ක මිලකට අලෙවි කිරීමට එම නියෝජිතයන් එකඟත්වය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment