යූරියා මළු වල බර අඩු වීමට හේතු හෙළි වෙයි

537

අනුරාධපුර පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත යවන ලද යුරියා පොහොර මළු 500න් 14ක බර අඩු වීමට හේතු ඒ සදහා යොදා ගත් තරාදියේ දෝෂයක් බව අනාවරණය වී තිබේ. මෙම පොහොර මළු පරීක්ෂා කිරීම සඳහා අදාල නිලධාරියා යොදාගෙන ඇත්තේ අසළ නිවසකින් ඉල්ලා ගත් තරාදියක් බව පරීක්ෂණ වලදී හදුනාගෙන ඇත . එම තරාදිය ඩයල් ක්‍රමයට අයත් එල්ලෙන දුණු තරාදියකි. එය මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව මගින් සහතික නොකළ තරාදියක් වන අතර එවැනි තරාදි සත්‍යාපනය කළ නොහැකි වර්ගයේ තරාදියක් වන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිණුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් පවසා තිබේ. මෙහිදී හෙළිදරව් වූ වැදගත් ම කාරණයක් වන්නේ සහතික කළ ඉළෙක්ට්‍රොනික තරාදියෙන් බර කිරීමෙන් පසු නියමිත බරින් යුත් බව තහවුරු වූ පොහොර මළු සියල්ලම නැවත දුණු තරායෙන් කිරා බැලු පසු ඒවායේ බර කිලෝග්‍රෑම් එකහමාරකින් පමණ අඩු බවට පෙන්නුම් කිරීමයි. එමගින් එම තරාදියේ දෝෂ සහිත බව තහවුරු වූ බව මෙම විමර්ශනයේදී හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment