කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට අවශ්‍ය යූරියා මෙටි්රක් ටොන් 65,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි යල කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය යූරියා ආනයනය සම්බන්ධව පවතින ගැටලුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර් චතුර්වේදි මහතා සමග කළ සාකච්ඡාවකට අනුව මෙම පොහොර තොගය ලබාදීමට එකඟවී තිබේ.
ඒ අනුව ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය යූරියා පොහොර අඛණ්ඩව ලබාදීමටද මෙම සාකච්ඡාවේදී එකඟතාවය පළකර ඇත.
ඉන්දියාව එරට පවතින රසායනික පොහොර අර්බුදය හමුවේ යූරියා පොහොර අපනයනය තහනම් කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම පොහොර මෙටි්රක් ටොන් 65,000 ලබාදීමට තීරණය කර තිබේ.
|