යූරෝ 2020 පාපන්දු තරගාවලිය – ලෝක ශූරයෝත්, අනුශූරයෝත් ඉවතට

468

ලෝක ශූර ප‍්‍රංශයට සහ අනුශූරයන් වන ක්‍රොඒෂියාවට යූරෝ පාපන්දු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට පෙරේදා (28 වැනිදා) සිදුවිය.

ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය අතින් 5-4 ක් ලෙසද ක්‍රොඒෂියාව ස්පාඤ්ඤය හමුවේ 5-3 ක් ලෙසද පරාජය ලබමින් තරගාවලියෙන් ඉවතට විසිවී ගියේය. අවසන් 16 දෙනාගේ කණ්ඩායම් අතර පැවැති එම තරගවලින් ජයගත් ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූහ.

16 දෙනාගේ කණ්ඩායමේ වටයේ සියලූ තරග ඊයේ (29දා) රාත‍්‍රී අවසන් වීමට නියමිතව තිබූ අතර අවසන් තරගය ලෙස යුක්රේනය සහ ස්වීඩනය අතර තරගය පැවැත්වීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment