යූ ටියුබ් හොල්ලන ජනාගේ නෝනා එක්ක කතා කළා

558

ජනයි ප‍්‍රියයි කියන්නේ ප‍්‍රහසනාත්මක යූටියුබ් නාලිකා අතර ජනප‍්‍රියතම යූ ටියුබ් නාලිකාවක්. කතාවන් සහ රඟපෑම් සැබෑවටම හා හාස්‍යෝත්පාදක සිදුවීම් නිසා රංග ජයකොඩි (ජනා) සහ චමල් රත්නායක (ප‍්‍රියා) එක්ව කරනු ලබන ”ජනයි ප‍්‍රියයි ” නාලිකාවට ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හිමි වෙනවා. රටම කතා කරන ජනයි ප‍්‍රියාගෙන් ජනාට (රංග ජයකොඩි) මෙවර මීවිත ඉඩ හසර වෙන් කරලා දෙන්න අපි තීරණය කළා. ජනා ගැන මීවිතට කියන්න ඔහුගේ ආදරණීය බිරිඳ ජයනි රාමනායක අපිත් එක්ක එකතු වුණා.

 රටම කතාවෙන ජනයි ප‍්‍රියයි යූ ටියුබ් චැනල් එකේ ජනාගේ ආදරණීය බිරිඳ විදියට ජයනිට මොකද හිතෙන්නේ ?

 ජනාටයි ප‍්‍රියාටයි ලැබෙන ප‍්‍රතිචාර ගැන සතුටුයි. ඒ වගේම ආඩම්බරයි. මට රංගව මුණගැහෙන්නේ ජනයි ප‍්‍රියයි නාලිකාව පටන් ගන්නත් කලින්. රංග චමල් එකතු වෙලා මේ චැනල් එක වෙනුවෙන් වැඩ කරන විදිහ මහන්සි වෙන විදිහ මම දන්නවාිඒ නිසා ඔවුන්ට ලැබෙන ප‍්‍රතිචාර ගැනත් ඔවුන්ගේ ජනප‍්‍රියත්වය ගැනත් මට නිහතමානී ආඩම්බරයක් තියනවා.

 ඔබට රංගව මුණගැහෙන්නේ කොහොමද?

 පාසල් කාලයේ තමයි අපි මුණගැහෙන්නේ. අපි දෙන්නම එකම පාසලේ නිසා පේ‍්‍රම සම්බන්ධතාවයක් පටන් ගන්න කලින් ඉඳලම අපි දෙන්නා අපි දෙන්නව දන්නවා.මට අවුරුදු දහ නවයෙදි වගේ තමයි අපි පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇති කර ගත්තේ.

 පේ‍්‍රම සම්බන්ධතාවය පටන් අරන් ටික කාලයකින්ම ඔබට රංග සමඟ විවාහ වෙන්න අවස්ථාව ලැබෙනවා නේද?

 රංග කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක්. අපි අපේ සම්බන්ධතාව ගැන ගෙවල් වලට කීවාම රංගගේ ගෙදරින් වගේම මගේ දෙමාපියන් සහෝදරයින් මේ සම්බන්ධයට කැමැති වුණාිඒ නිසා පේ‍්‍රම සම්බන්ධතාවය පටන් අරං අරන් අවුරුදු දෙකක් වගේ කාලයක් යද්දි අපිට විවාහ වෙන්න අවස්ථාව උදා වුණා. රංග ජීවිතය පටන් අරන් පටං අරන් තියෙන්නෙම කසාද බැඳලා කියලා චමල් (ප‍්‍රියා* හැමතිස්සෙම කියනවාි

 රංගත් ඔබත් විවාහ වුණේ සෙල්ලක්කාර වයසක මුල් කාලයේමයි. විවාහ ජීවිතය ගැන මොනවද දැණුනේ?

 ඒ දවස්වල විවාහ ජීවිතය ගැන ලොකු බරක් දැනුණේ නෑ.අපිට ජීවිතය ගැන ලොකු ප්ලෑන් එකක් තිබුණෙත් නෑ. රංග කියන්නේ පවුලේ එකම දරුවා. අපි විවාහ වෙලා පදිංචියට ආවෙත් වෙනමම ගෙදරකට. රංගට ජොබ් එකක් තිබුණා. වාහනයක් තිබුණා.ඒ නිසා ජීවිතය ගැන ලොකු බරක් තිබුණේ නෑ.සාමාන්‍ය විදිහට සුන්දරව ජීවිතය ගෙවිලා ගියා.

 හැබැයි ඔය අතරේ අපි අපිටම කියලා කියලා වාහනයකුත් ගත්තා.ටික ටික වගකීම් දරන්න පුරුදු වුණා.දැන් අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා.එයාලගේ වැඩ කටයුතුත් කරගෙන හැමදේම සමබරව කරගනිමින් අපි සතුටින් ජීවත් වෙනවාි

 දැන් රංග කියන්නේ ලංකාවම කතා වෙන යූ ටියුබර් කෙනෙක්. පාසැල් කාලයේදිත් ඒ වගේද?

 රංගට ඉස්සර ඉ`දන්ම සින්දු කියන්න හැකියාව තිබුණා. කොච්චර සින්දු කියන්න කැමැත්ත තිබුණද කියනව නම් ෆ‍්‍රී වෙලාවට සින්දු කියලා අහුවෙලා ප‍්‍රින්සිපල් මැඩම්ගෙ කාමරයට යන්න සිදු වුණ අවස්ථා ඕන තරම් තියෙනවා. රංග පාසල් කාලයේ ප‍්‍රහසනයට ගොඩක්ම නැඹුරු කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය විදිහට අධ්‍යාපන කටයුතු කරගෙන හිටිය කෙනෙක් තමයි අද මේ විදියට ජනප‍්‍රිය වෙලා ඉන්නේ.

 රංග යූ ටියුබ් වල ජනප‍්‍රිය වෙන්නේ ඔබත් සමඟ විවාහ වුණාටත් පස්සේ නේද?

 රංග රැුකියා කිහිපයක්ම කරලා තියෙනවා.විවාහ වුණාට ටැක්සි කෝල් සෙන්ටර් එකක වැඩ කළා. මගේ පොඩි අයියා වැඩ කරන්නේ මාධ්‍ය ආයතනයක. ඉතින් පොඩි අයියා ගේ උදව් ඇතිව රංග සංස්කරණ ශිල්පියෙක් විදිහට පුහුණු වුණා. ඊට පස්සේ මාධ්‍ය ආයතන කිහිපයකම වැඩ කළා. ඒ අතරතුර තමයි ජනයි ප‍්‍රියයි හදමඑමඉැ ජය්බබැක එක පටන් ගත්තේ.

 දැන් රංග කියන්නේ ලංකාවම කතා වෙන ප‍්‍රහසනාත්මක චරිතයක්?

 ඇත්තටම ප‍්‍රහසනය කියන්නේ මිනිස්සු සතුටින් තියන එක. ජනයි ප‍්‍රියයි චැනල් එක නිසා මිනිස්සු හිනා වෙලා සතුටින් ඉන්නවා දකිද්දි මට ගොඩක් සතුටුයි. රංගගේ ජනප‍්‍රියත්වය නිසා කොතැන ගියත් ඔහු ගැන කතා වෙනවා. ඒ ගැන ආඩම්බරයක් තියෙනවා.

 රංගගේ ජනප‍්‍රියත්වය කරදරයක් කියල හිතුණ අවස්ථා නැද්ද?

 රංගගේ ජනප‍්‍රියත්වය නිසා අපට උදව් උපකාර ලැබෙන අවස්ථා තියෙනවා. බොහෝ දෙනෙක් රංග ගැන කතා කරනවා. ඒ දේවල් කොයි වෙලාවක වත් අපිට කරදරයක් කියල දැනිල නෑ. රංගවත් මමවත් ජනප‍්‍රියත්වය සාමාන්‍ය ජීවිතයට පටලවාගෙන නැති නිසා රංගගේ ජනප‍්‍රියත්වය අපිට ප‍්‍රශ්නයක් නෙමෙයි. රංගගේ ජනප‍්‍රියත්වය නිසා රංගවත් මමවත් අපේ දරුවන්වත් කොතැනදීවත් හිස උදුම්මාගෙන

 කටයුතු කරන්නේත් නැහැ. දක්ෂනම් අනිවාර්යෙන්ම පේ‍්‍රක්ෂකයන් ඒ බව කියයි. බලෙන් ප‍්‍රසිද්ධ වෙන්න යන්න ඕනේ නෑ කියලා රංග හැමවෙලේම කියනවා.

 සැබෑ ජීවිතයේත් රංග ‘ජනා. වගේම හාස්‍යෝත්පාදක චරිතයක් ද?

 කොහොමත් රංග හිනා වෙලා සතුටින් ඉන්න කැමැති කෙනෙක්. යාළුවෝ එක්ක අපි එක්ක විහිළුවක් කරලා සතුටින් ඉන්න කෙනෙක්. ඇත්තටම කියනවා නං දැන් රංගගේ රැුකියාව ජීවිතේ කොටසක් වෙලා. ඒ නිසා ඇත්ත ජීවිතේත් අනෙක් අයට උදව් කරලා හිනා වෙලා සතුටින් ඉන්න කෙනෙක් කියලා කියන්න කැමැතියි.

 සැබෑ ජීවිතයේදී රංග හාස්‍යෝත්පාදක චරිතයකට වඩා අනිත් අයට උදව් කරන කොච්චර ප‍්‍රශ්න තිබුණත් අනෙක් කෙනා වෙනුවෙන් පෙනී හිටින චරිතයක් කියලා හඳුන්වාදෙන්න මං කැමතියි.



 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment