යොවුන් ආසියානු  මලල ක්‍රීඩා ශූරතාවලියට  ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක්

104

කුවේට් හිදී ක්‍රියාත්මක වන වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 8 දෙනකුගෙන් සමත්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 5 දෙනකු සහ ක්‍රීඩිකාවන් 3 දෙනකු ඇතුළත්වී සිටී.

 ආසියානු මලල ක්‍රීඩා සංගමය සහ කුවේට් මලල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කරන 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන 12 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11 වැනිදා) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දන්වා සිටී.

 ශ්‍රී ලංකා කණ්ඩායම – පී. එස්. ජයතිලක (මීටර් 400), ඒ. ටී. රාජපක්ෂ (මීටර් 400), එස්. ඩී. අනුහස් (උස පැනීම), ජී. එල්. අර්ථවිදු (උස පැනීම), කැරිම් , කේ. එන්. වික්‍රමසිංහ (මීටර් 800), සිතුලි සාදිත්‍යා (උස පැනීම), මදුෂානි හේරත් (දුර පැනීම)

advertistmentadvertistment
advertistmentadvertistment