යොවුන් කී‍්‍රඩා උළෙලේ දක්ෂයින්ගේ සංචිතයක්

106

33 වැනි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේදී ඉහළ දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 20 දෙනකුගෙන් පමණ සංචිතයක් තෝරාගෙන ඔවුන්ගේ දක්ෂතා ප‍්‍රගුණ කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3000කට අධික ප‍්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැති ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේදී නව තරග වාර්තා 11ක් පමණ බිහි වූ අතර අදාළ සංචිතය සඳහා එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්් ඇතුළු තවත් තෝරා ගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසක් එක් කර ගැනීමට නියමිතය.

අදාළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීම සඳහා තරුණ කටයුතු හා කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ නියමයෙන් විශේෂ තේරීම් කමිටුවක් කී‍්‍රඩා උළෙල සඳහා යොමු කර තිබූ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

එම කමිටුවේ අධීක්ෂණය මත අදාළ සංචිතය තෝරා ගැනෙනු ඇති බවත් නුදුරු දිනයේදීම අදාළ කී‍්‍රඩක සංචිතය ප‍්‍රකාශයට පත් කරන බවත් සභාපතිවරයා සඳහන් කර සිටියේය.

33 වැනි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ සමස්ත ශුරතාවය ගම්පහ දිස්ති‍්‍රක්කය විසින් දිනා ගනු ලැබූ අතර වයස 20න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කඩුලූ පැනීමෙන් නව වාර්තාවක් බිහි කළ සිතිජ කෞශල්‍ය ඩයස් ද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මීටර් 400 ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කළ සයුරි ලක්ෂිමා මෙන්ඩිස් ද සම්මාන ලැබූහ.

වයස 20න් ඉහළ කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස දුරපැනීමේ කී‍්‍රඩක එච්. බී. යසිඳු හේරත් ද, කී‍්‍රඩිකාව ලෙස මීටර් 400 කඩුලූ පැනීමේ ක‍්‍රීඩිකා කෞශල්‍යා මධුෂානි ද සම්මාන ලබා ගත්හ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment