යොවුන් ලීග් ක්‍රිකට් ශුරතාව කොළඹ උතුරට

124

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුරු කණ්ඩායම ඊයේ (29 වැනිදා) සමත්විය. ඒ ඊයේ පැවැති අවසන් මහා තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 19ක ජයක් වාර්තා කරමිනි.

යොවුන් ලීග් ක්‍රිකට් ශුරතාව කොළඹ උතුරට


රංගිරි දඹුලු  ක්‍රීඩාංගණයේදී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ උතුර කණ්ඩයම පන්දුවාර 50දී කඩුලු 10ක් දැවී ලකුණු 283ක්  අභියෝගයක් මහනුවර කණ්ඩයමට ලබා දුන්නේය. ඒ අනුව ලකුණු හඹා ගිය මහනුවර කණ්ඩයම පන්දුවාර 48.3කදී මුලු ලකුණු 264කට සියලු දෙනා දැවී ගියේය.

 කොළඹ උතුර වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ කවිඳු අමමෙත් පන්දු 100කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 83ක් රැස් කළේය. සමිඳු මදුරංග පන්දු 63කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 50ක් සහ කූජන පෙරේරා පන්දු 35කින් ලකුණු 48ක් රස් කරමින් කොළඹ උතුර කණ්ඩායමට ජයග්‍රාහි මාවත විවර කළේය.

 මහනුවර වෙනුවෙන් සටන්කාමි ඉනිමක් දියත් කළ සුපුන් වඩුගේ පන්දු 128කදී ලකුණු 93ක් රැස් කළේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනි. තිසර ඒකනායක සහ වතිල උදාර පිළිවෙලින් ලකුණු 31ක් සහ 32ක් රැස් කිරීමට සමත්විය.

ලකුණු සාරාංශය

 කොළඹ උතුරු පන්දුවාර 50කදී සියලු දෙනා දැවී ලකුණු 283යි

 මහනුවර පන්දුවාර 48.3කදී සියලු දෙනා දැවී ලකුණු 264යි

advertistmentadvertistment
advertistmentadvertistment