යොහානිගේ පළමු ප‍්‍රසංගයට ඉන්දියාවෙන් ඉහළ ප‍්‍රතිචාර

621

උණුසුම් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හමුවේ යොහානි ද සිල්වා සිය පළමු ප‍්‍රසංගය පෙරේදා (30 දා* රාති‍්‍රයේදී ඉන්දියාවේ ගුරුගොන්හිදී පැවැත්වූවාය.

මේ සඳහා යොහානි සමග ඇගේ සංගීත කණ්ඩායම ද සහභාගි විය. ඇය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගයනවිට ඉන්දීය පේ‍්‍රක්ෂකයන්ගේ නොමඳ ප‍්‍රතිචාරයක් හිමි විය.

ඇගේ මීළඟ ප‍්‍රසංගයට හෙට (03 දා* හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය නාලිකා කිහිපයක්ම යොහානි සමග සම්මුඛ සාකච්ඡුාවක් ද පවත්වා ඇත.

ශී‍්‍ර ලාංකික ගායිකාවක් ඉන්දීය පේ‍්‍රක්ෂකයින් හමුවේ සජීවී ප‍්‍රසංගයක් පැවැත්වූ පළමු වතාව මෙය වේ.

මේ අතර කුනාල් දේශ්මුත් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ චිත‍්‍රපටය යොහානි ගයන ගීතය ද යූටියුබ් සමාජ ජාලයේ අතිශය ජනපි‍්‍රය වී ඇත. එය දැනටමත් නැරඹුම් වාර මිලියන 3.6 ඉක්මවා තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment