යොහානිට ඉඩමක් දෙන්න කැබිනට් අනුමැතිය

310


මැණිකේ මගේ හිතේ ගීතය තුළින් ජාත්‍යන්තරව අතිශය ජනප‍්‍රියත්වයට පත්ව සිටින ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත හි පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 9.68ක ඉඩම් කොටසක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.ඊට අදාල කැබිනට් පත‍්‍රිකාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment