යොහානිට ඉන්දියාවෙන් අලූත් පදවියක්

1353

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව මෙරට ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

යොහානි ඉන්දීය සංගීත රසිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වී ඇති අතර ඇගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දීය භාෂා ගණනාවකින් මේ වන විට ගැයේ.

යොහානිට ඉන්දියාවෙන්  අලූත් පදවියක්

මේ සම්බන්ධව ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

‘නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවන්හි පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි යූටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරාගෙන ඇත.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment