යොහානිට රජයෙන් උපහාර පුද කරනවා – රාජ්‍ය ඇමැති විදුර කියයි

280

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ජාත්‍යන්තරය දිනාගත් යොහානි ද සිල්වාට රාජ්‍ය සම්මානයක් පුදකර උපහාර දැක්වීමට රජය කටයුතු කරන බව ජාතික උරුම ප‍්‍රසංග හා කලා රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04 දා) පැවසීය.

සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

මේ වන විට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත්කළ යොහානි ද සිල්වා ගායිකාවට මෙතෙක් ආණ්ඩුවෙන් කිසිදු සම්මානයක්, ගෞරවයක් ලබා දී නැතැයි ද ඉදිරියේදී හෝ ඇයට උපහාර පුද කරන්නේ දැයි හේෂා විතානගේ මන්ත‍්‍රීවරයා එහිදී විමසීය.

රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා

අනිවාර්යයෙන්ම ඒ සඳහා මේ වනවිට ඇමැතිතුමා කටයුතු ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය සම්මානයකින් මේ කලා ශිල්පිණියට ගෞරව උපහාර පුද කරනවා.

අපේ රටේ කලාවට සම්බන්ධ කෘතීන් සංරක්‍ෂණය කිරීමේ වැඩිපිළිවෙලක් නෑ. ඒ සංරක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙල අපි දැන් ආරම්භ කරලා තිබෙනවා.

කලාකරුවන්ගේ අයිතීන් වරප‍්‍රසාද ආරක්‍ෂා වන විදිහේ වැඩපිළිවෙළක් අප ක‍්‍රියාත්මක කළ යුතුයි. එවැනි වැඩපිළිවෙළකට මේ කලාශිල්පිනියන්ද ලක්කළ යුතුයි. එක් වරක් නොවෙයි ජීවිතය පුරා ගෞරවයක් අභිමානයක් සමගින් ඒ කලා කටයුතුවල නිරතවීමට අවස්ථාව තිබිය යුතුයි. යොහානිටත් ඒ ගෞරවය උපහාරය පුද කරනවා. අනෙක් කලාකරුවන්ටත් ඒ අභිමානය අපි දක්වනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment