යොහානි මිලියන සියය පසු කරයි

738

යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ සති අන්තය වන විට යූ ටියුබ් හී, මිලියන සියයක පේ‍්‍රක්ෂක නැරඹුම් වාර ප‍්‍රමාණයක් සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දෛනිකව නැරඹුම් වාර ලක්ෂ 20ක් සපුරන එම ගීත වීඩියෝව මෙතෙක් ලෝකයේ වඩාත්ම ජනප‍්‍රියභාවයට පත්වූ ශ‍්‍රී ලාංකේය ගීතය ය. යොහානි දිලෝකා ද සිල්වාගේ මෙම ගීතය වඩාත්ම ජනප‍්‍රියභාවයට පත්ව ඇත්තේ ඉන්දියාව තුළය.

2020 ජූලි මාසයේදී මෙම ගීතය ප‍්‍රථමයෙන් නිකුත් වූයේ, කොවිඞ් -19 වසංගතය අතරතුරදී ය. පසුව යොහානිගේ හඬින් 2021 මැයි මස 21 වැනිදා යූ ටියුබ් වෙත මුදාහරින ලද මෙම ගීතය නිෂ්පාදනය කළේ චමත් සංගීත් විසිනි. යොහානි සමග සතිෂාන් රත්නායක මෙම ගීතය ගායනා කරන අතර යූ ටියුබ් හි නිල වීඩියෝ පටය නිකුත් වී දින
කිහිපයක් ඇතුළත අන්තර්ජාලය කලඹමින් එය වේගයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය.

මුලින් සිංහල භාෂාවෙන් ගායනා කරන ලද මෙම ගීතය සඳහා ඉන්දියාව ඇතුළු බොහෝ රටවල විශාල ප‍්‍රතිචාරයක් ලැබීම නිසා මෙම ගීතය පසුව විවිධ කලාකරුවන් විසින් දෙමළ, හින්දි, පන්ජාබ්, නේපාලී, බෙංගාලි, භෝජ්පුරි සහ මලයාලම් ඇතුළු බොහෝ භාෂාවන්ට ඩබ් කරන ලදී. මෙම ගීතයේ දෙමළ සහ මලයාලම් අනුවාදයන් 2021 අගෝස්තු 28 දින යූ ටියූබ් තුළින් එළිදැක්විණි.

ශ‍්‍රී ලංකාවේ වත්මන් ජනග‍්‍රහණය මෙන් පස් ගුණයක් මේ සති අන්තය වන විට එම ගීතය නැරඹීම ශ‍්‍රී ලංකාවේ වින්දනාත්මක කර්මාන්තයේ පමණක් නොව අන්තර්ජාල ක‍්‍රියාකාරිත්වයේද වාර්තාවක් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment