යෝජිත ව්‍යවස්ථාවට ෆෙඩරල් ඔබන්න ටිඑන්ඒ මෙහෙයුමක්

338

මෙරට යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ෆෙඩරල් පාලනය ඇතුළත් කරන ලෙස ද්‍රවිඩ සන්ධානයේ නීතිවේදීන් තිදෙනකු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

ෆෙඩරල් පාලනය ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් කනගඊශ්වරන් චන්ද්‍රහසන් සහ සුමන්තිරන් යන නීතිවේදී මේ දිනවල ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථාදායක නීති විශාරදයන් පිරිසක් සමග සාකච්ඡුාවේ යෙදී සිටියි. ද්‍රවිඩ සන්ධානය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සිය නීතිවේදීන් ඇමෙරිකාවට යැවූ මුල් අවස්ථාව මෙයයි.

පසුගිය රජය සමයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නීති විශාරදයන් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත්කර තිබුණි.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නීතිවේදීන් තිදෙනා ඇමෙරිකාවේදී බි‍්‍රතාන්‍යය සහ කැනඩා තානාපතිවරු ද හමු වී ෆෙඩරල් පාලන ක‍්‍රමය ගැන සාකච්ඡා කෙරේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment