රංගනටත් කොවිඞ්

194

බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශී‍්‍ර ලංකාවේ හිටපු දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ කි‍්‍රකට් මෙහෙයුම් සභාපති අක‍්‍රම් ඛාන් මේ බව ඊයේ (15 වැනිදා) මාධ්‍යයට තහවුරු කර තිබේ.

 බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට නවසීලන්තයේ ටෙස්ට් තරග සංචාරයක නිරත වන අතර එහිදී සිදු කළ කොරෝනා පරික්ෂණයකදී රංගන හේරත්ට අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. එ් අනුව රංගනට දින කිහිපයක් නිරෝධායනය වීමට සිදුවන අතර ඔහු බංග්ලාදේශ කණ්ඩායමෙන් වෙන්කර ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

 මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ මොමිනුල් හක්, යසීර් අලී, ෆාස්ලේ රබ්බි සහ මෙහෙදී හසන් යන අයටද මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති අතර නවසීලන්තයට පැමිණි ගුවන් යානයේ පැමිණි මගියෙකුගෙන් ඔවුන්ට අදාළ වෛරසය ආසාදනය වී ඇති බවටද විදෙස් පුවත් වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment