රංගන ශිල්පි මහිල් සුරගේට යතුරුපැදියක ගැටීමෙන්  බරපතල තුවාල

405

ටෙලි නාට්‍ය, චිත‍්‍රපට සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු වූ මහිල් සුරගේ මහතා පාදුක්ක සිරි පියරතන විදුහල අසලදී යතුරුපැදියක හැපී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

එදින පෙරවරුවේ ඔහු සිය මෝටර් රථය නවතා එයින් බැස පාර මාරු වීමට යාමේදී යතුරුපැදියක හැපී ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි. අනතුරට සම්බන්ධ යතුරු පැදිය සහ පැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරට ලක් වූ රංගන ශිල්පි මහිල් මහතා 73 වැනි වියේ පසුවන දෙදරු පියෙකි. ඔහු කුසපබා” පත්තිනි ඇතුළු චිත‍්‍රපට කිහිපයකද පිටගම්කාරයෝ” කීටයා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකද රුවල් බිඳුනු ඔරු” මහා අධිකාරම්” හේත්තුවෝ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකද සිය රංගන කුසලතා පෙන්වා තිබේ. මෙයට අමතරව ඔහු වෙළඳ දැන්වීම් ශිල්පයකු ලෙසින්ද කටයුතු කරයි. පාදුක්ක” දම්පිටියා මාවතේ පදිංචි ඒ මහතා පාදුක්ක සිරි පියරතන විදුහලේ ආදි සිසුවකු වේ.

සිය වැඩිමහල් සොහොයුරාගේ අත්‍යවශ්‍ය කටයුත්තකට පාදුක්ක නගරයට ගිය අවස්ථාවේදී මෙම රිය අනතුරට මුහුණ පා ඇතැයි ඔහුගේ බාල සොහොයුරකු වන හිටපු බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් (කලා සහ සංස්කෘතික කටයුතු) ප‍්‍රවීන ගුවන් විදුලි නිවේදක සරත් ජයවීර මහතා දිවයිනට පැවසීය. මෙම අනතුර පිළිබඳ පාදුක්ක පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ රජිත ප‍්‍රනාන්දු – හඳපාන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment