රංගෙට රනිල්ගෙන් උපදෙසක්

368

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවල පූර්ණකාලීනව යෙදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට උපදෙස් දී ඇත.පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා විසින් මෙම උපදෙස් දීම සිදු කර තිබේ. එමෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට ද අගමැතිවරයා මෙහිදී උපදෙස් දී ඇත්තේ පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම්වලදී ඊට නායකත්වය දෙන ලෙසය.රට වැටී තිබෙන උග්‍ර තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා තමා සම්පූර්ණ කාලයම යොදවා තිබියදී පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යෑමේ වැදගත්කම ද අගමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment